SLC T20 ලීගයේ අවසන් සටනේ ජය ග්‍රීන්ස් කණ්ඩායමට

SLC T20 ලීගයේ අවසන් සටනේ ජය ග්‍රීන්ස් කණ්ඩායමට

August 16, 2025   05:05 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ජය ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම අද (16) සමත්විය.

ඒ ග්‍රේස් කණ්ඩායම ලකුණු  23කින් පරායට පත්කරමින්ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ග්‍රේස් කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ග්‍රීන්ස් කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 189ක් රැසක්කළේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 47ක් තුළ වේගවත් ලකුණු 77ක් රැස්කරගත්තේය.

කුසල්ගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 5 බැගින් ඇතුළත් වීම විශේෂත්වයකි.

ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත්තේ ලකුණු 166ක් පමණි.

ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක් රැස්කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් රැස්කළේය.