රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ දී ඇරඹෙයි
August 16, 2025 11:33 am
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය.
මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන් 280ක් සිය රොබෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා ඉදිරිපත්කර ඇත.
තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දී රොබෝ තරගකරුවන් මලල ක්‍රීඩා, පාපන්දු, බොක්සිං, සටන් කලා ඇතුළු ඉසව් කිහිපයක් යටතේ තරග වැදීමට නියමිතය.