ආපදා හේතුවෙන් පාකිස්තානයට ජීවිත 200ක් අහිමි වෙයි

ආපදා හේතුවෙන් පාකිස්තානයට ජීවිත 200ක් අහිමි වෙයි

August 16, 2025   11:03 am

වයඹදිග හා උතුරු පාකිස්තානයට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ (15) දිනයේ දී පමණක් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට ආපදා කලමනාකරණ අධිකාරිය පවසයි.

කයිබර් පක්තුන්ක්වා කඳුකරයට මෙලෙස අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

කඳුකරයේ අධික වර්ෂාව, හදිසි ගංවතුර, අකුණු සැර වැදීම් සහ ගොඩනැගිලි කඩාවැටීම් වැනි හේතුවෙන් මත මෙම මරණ සිදුව තිබේ.