14 වැනි කබෝරිය තෙදිනක් පුරා අනුරාධපුරයේ දී
August 15, 2025 10:21 pm
ක්‍රියාශීලී බව හා සමගිය ප්‍රධාන කොට විනය ගරුකව ජීවිතය හැඩගැස්වීම බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාශීලීව බාල දක්ෂ ව්‍යාපාරය ඇත්නම් මීට වඩා යහපත් තත්ත්වයක් පාසල් දරුවන් අතර පැවතීමට ඉඩ ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා බාල දක්ෂ මූලස්ථානය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කළ දාහතර වන ජාතික කබෝරියට එක්වෙමිනි.
විවිධ ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම වෙනුවට අධ්‍යාපනය මතම රඳා පවතිමින් යාන්ත්‍රික දරුවෙකු බිහි කිරීමට දෙමව්පියන් උත්සහා දැරීම මගින් එය අනාගත ශ්‍රී ලංකාවට ඉතා හානිදායක විය හැකි බව ද පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර පැවැත්වෙන 14 වන ජාතික කබෝරිය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී බාල දක්ෂකයින් දස දහසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබේ.
'සොඳුරු ලොවක්' තේමාව අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති මෙය අද (15) සිට 17 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර රතු මල, අත් වැඩ, චිත්‍ර හා ජන ගායනා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රාශියකගෙන් සමන්විත වේ.