ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි

ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි

August 10, 2025   04:16 pm

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (10) පස්වරුවේ නිකුත්කළ නිවේදනයට අනුව හෙට (11) සවස 2න් පමණ පසු ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර අද අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එහි අගය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 12.7ක් ලෙසය.

එමෙන්ම උපරිම උෂ්ණත්වය මන්නාරමින් වන අතර, එය සෙල්සියස් අංශක 27.2ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.