ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටුවෙයි
August 10, 2025 10:59 am
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ ගෝලයෙකු ලක්ෂ 15ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ඊසි කෑෂ් ක්‍රමය යොදා ගනිමින් කළුතර, මතුගම ,පානදුර ,පයාගල, බේරුවල, මතුගම ආදි ප්‍රදේශ රැසකටම තොග වශයෙන් හෙරොයින් බෙදා හැරීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ගමන් කළ ත්‍රිරෝද රථයද, එම ජාවාරම මෙහෙයවීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇත.
සැකකරු අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.