සමන් ඒකනායක CID යෙන් පිටව යයි

සමන් ඒකනායක CID යෙන් පිටව යයි

August 5, 2025   03:18 pm

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (05) උදෑසන 9.30ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුවය.