සයුරෙන් එතෙර
චීනයේ චිකුන්ගුන්යා ආසාදිතයින් 7,000 ඉක්මවයි
August 5, 2025 03:02 pm
පසුගිය ජූලි මාසයේ සිට චීනයේ චිකුන්ගුන්යා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ එරටින් මේ වන විට වාර්තා වී ඇති චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව 7,000 ඉක්මවා ඇති බවය.
චීනයේ පළාත් කිහිපයකින් මෙම රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය සතිය තුළ පමණක් එරටින් චිකුන්ගුන්යා රෝගීන් 3,000ක් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා වාර්තා වී ඇති සියලු රෝගීන්ගෙන් 95%කගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් කෙටි කාලයකින් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් චීන බලධාරීන් පවසා ඇත.
එමෙන්ම වෛසර රෝගී තත්ත්වයන් ඉහළ යාම හමුවේ රෝග ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා චීන බලධාරීන් මදුවරුන් බෝ වන ස්ථාන විනාශ කරන ලෙස එරට පුරවැසියන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.
එහිදී මදුරුවන් බෝවන ස්ථාන නිවෙස් ආශිතකව තිබුණහෝත් යුවාඩ් 10,000ක දඩ මුදලක් අය කරන බවටද එරට බලධාරීන් නිවෙස් හිමියන් වෙත අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.
මේ අතර චීනයේ මෙම වෛරස් තත්ත්වය ඉහළ යාමත් සමග එරට සංචාරයක කරන සිය පුරවැසියන් වැඩි ප්‍රවේශම් සහගත ලෙස කටයුතු කරන්නැයි එක්සත් ජනදපදය ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.