වඳුරෙක් නිසා සිදු වූ විදුලි බිඳවැටීම ගැන PUCSL ප්‍රසිද්ධ විභාගයක්
August 5, 2025 01:16 pm
ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් දිවයිනටම විදුලිය විසන්ධි වූ බව කියන සිද්ධියට අදාළව මහජන උපයෝගීතා කොමිසම සිදුකරන ප්‍රසිද්ධ විභාගය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අද පෙරවරුවේ ප්‍රකාශ ලබාදුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය.
ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 09 වනදා දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.
එම අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් විදුලි බිඳවැටීම සිදුවූ බවය.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට එවක විදෙස් මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබුණි.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් ලබා දී තිබෙන වාර්තා පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් නැවත විමර්ශනයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කළේය.
ඒ අනුව අදාළ ප්‍රසිද්ධ විභාගය අද පෙරවරු 8.30ට පමණ ආරම්භ කෙරුණ අතර එය පස්වරු 6 දක්වා පැවැත් වේ.