ඉන්දු - ජපාන ආරක්ෂක සබදතා තර කරගනී
සයුරෙන් එතෙර

ඉන්දු - ජපාන ආරක්ෂක සබදතා තර කරගනී

August 2, 2025   07:57 am

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ජපාන ස්වයං ආරක්ෂක බළකායේ මාණ්ඩලික ප්‍රධානීයා අතර හමුවක් සිදුවී තිබේ.

ඒ, ජපාන ස්වයං ආරක්ෂක බළකායේ මාණ්ඩලික ප්‍රධානීයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව ය.

ඉන්දියාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම එම සංචාරයේ අරමුණ වෙයි.

රටවල් දෙක අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජපාන ස්වයං ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානී‍යාගේ සැලකිය යුතු දායකත්වය අගය කරන බව ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් පවසා තිබේ.

මේ අතර ඉන්දියාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපති ජපානයේ නිල සංචාරයක නිරතවී සිටී.