රට පුරා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
August 1, 2025 03:57 pm
රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණය සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන සෝදිසි මෙහෙයුමේ තවත් අදියරක් ඊයේ (31) පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5,866ක ප්‍රමාණයක් සහභාගී විය.
ඒ අනුව පුද්ගලයින් 23,321ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 9,682ක ප්‍රමාණයක් ද යතුරුපැදි 6,661 ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබේ.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,107ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර පරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මෙම මෙහෙයුම් අතරතුරදී නීති විරෝධී ගිනි අවි 02ක් සහ විවිධ වැරදි සම්බන්දව වරෙන්තුකරුවන් 423 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.