නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

July 28, 2025   03:10 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබුණි.

එම නඩුව අද කැදවු අවස්ථාවේ මන්ත්‍රීවරයා අධිකරණයට හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට විදෙස් ගතව සිටින බව ද වාර්තා වෙයි.