කෞෂාල් සිල්වා හොංකොං ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට
July 28, 2025 02:45 pm
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා හොංකොං පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් කර තිබේ.
ඔහුගේ මෙම පත්වීම එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියට පෙර සිදු වන අතර, ආසියානු කුසලානය ආරම්භ කරමින් හොංකොං ක්‍රිකට් පිල ඇෆ්ගනිස්ථානය සමඟින් සැප්තැම්බර් 09 දින තරග වැදීමට නියමිතය.
කෞෂාල් සිල්වා 2011 සහ 2018 අතර වකවානුව තුළ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 39 ක් ක්‍රීඩා කර ඇති අතර, 2019 සිට ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ.
39 හැවිරිදි ඔහු ජාත්‍යන්තර කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාර තනතුරක් දරන පළමු අවස්ථාව මෙය වනු ඇත.