අස්ගිරි අනුනායක හිමිගේ දේහය උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කෙරේ

අස්ගිරි අනුනායක හිමිගේ දේහය උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කෙරේ

July 22, 2025   04:55 pm

අපවත්වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරීය ප්‍රවර උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ, දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා (24) පස්වරු 2:30 අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන බවය.