නිට්ටඹුවේ ගින්නක් - දැඩි රථවාහන තදබදයකුත්

නිට්ටඹුවේ ගින්නක් - දැඩි රථවාහන තදබදයකුත්

July 22, 2025   02:35 pm

නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථ 02ක් යොමු කර ඇති අතර මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

ඇති වූ ගින්න හේතුවෙන් කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මංතීරුවේ දැඩි රථ රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති.