කොළඹ - නුවර පාරේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු රෝහලට

කොළඹ - නුවර පාරේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු රෝහලට

July 21, 2025   11:43 am

කොළඹ නුවර පාරේ තිත්වැල් මංකඩ ප්‍රදේශයේ ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් බස් රථයේ රියදුරු සමග හිමිනමක් තුවාල ලබා රෝහල් ඇතුළත් කර ඇති බව දංඕවිට පොලීසිය පවසයි.

නුවර දෙසට යමින් තිබූ ටිපර් රථයක අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය ගැටී තිබුණු අතර, බස් රථය මාර්ගයේ ඉවතට පැන වෙළෙඳසැලක් අසල නතරවී තිබුණි.

බස් රථයේ වැරදි මංතීරුවේ ධාවනය වීම නිසා ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව දංඕවිට පොලීසිය පවසයි.