ගිනිඅවියක් සහ ජීව පතොරම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
July 17, 2025 10:27 am
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව පතොරම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඊයේ (16) හබරාදුව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදූකළ වැටලීමකදීය.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මි.මී. 9 වර්ගයේ ජීවපතොරම් 04ක්, කෙටේරියක් සහ තහනම් ආයුධයක් සමඟ අවුරුදු 41ක උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.