ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්
July 17, 2025 09:36 am
ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල හෙට (18) වන දා සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.
මේ අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි ජනතාව අවධානයෙන් යොමුවන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.