බොරැල්ලේ වෙඩිතැබීමට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
July 17, 2025 08:29 am
පසුගිය දා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 8 වනදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පලා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය.
ඒ අනුව ඊයේ (16) සවස් කාලයේ දී සහස්පුර ප්‍රදේශයේ දී බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ සවස් කාලයේ බොරැල්ල පොලිස් වසමේ සීවලි පටුමග ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115 සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී මෙම අපරාධයට යොදා ගත් බවට අනාවරණය වූ ව්‍යාජ ලෙස සකසන ලද අංක තහඩුවක්, කඩුවක්, අපරාධකරුවන් ප්‍රවාහනය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයක් හා ජංගම දුරකථනයක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇත.
බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.