රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා නෙළුවදී විරෝධතාවක්

රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා නෙළුවදී විරෝධතාවක්

July 14, 2025   04:58 pm

රාජ්‍යයට විශිෂ්ට සේවයක් සැපයීම උදෙසා රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලමින් නෙළුව ප්‍රදේශීය සභාවේ සේවකයින් නෙළුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී විරෝධතාවක නියැලී තිබේ.

නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට එරෙහිව අදාල නිලධාරීන් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත.

එහිදී මෙම විරෝධතාවට සහාය පළ කරමින් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ගොවිජන සේවා නිලධාරීන්ද පැමිණ සිටිනු දක්නට ලැබුණි.

නෙළුව ප්‍රාදේශීය සභා සේවකයින් ප්‍රාදේශීය සභාවේ මොරවක මාර්ගයේ සිට වටරවුම දක්වා පැමිණි අතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පිරිස පැලවත්ත මාර්ගයෙන් වටරවුම දෙසට පැමිණ දෙපාර්ශවය නෙළුව බස් නැවතුම්පල දක්වා පැමිණ නිහඬ විරෝධතාවයේ යෙදී සිටියහ.