එක්දින ශ්‍රේණිගත කිරීම්වල කුසල්ගෙන් ලොකු පිම්මක්
July 9, 2025 09:28 pm
ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කුසල් මෙන්ඩිස් පළමු දසදෙනා අතරට පැමිණ තිබේ.
බංග්ලාදේශයට එරෙහිව ඊයේ (8) අවසන් වූ තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මෙම පැමිණීමට හේතුවී ඇත.
එම තරගාවලියේ දී ඔහු ශතකයක්, අර්ධ ශතකයක් සමගින් ලකුණු 225 (124, 56, 45)ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ඔහු 20වන ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානයට පැමිණ තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසංකද 8වන ස්ථානයේ සිට තවත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් 6වන ස්ථානයේ රැඳී සිටියි.
ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවාය.
කෙසේ වෙතත් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී සාර්ථක වූ පැතුම් නිස්සංක, ටෙස්ට් තරගාවලියේ දී අසාර්ථක වූ හෙයින් ස්ථාන 6කින් පහළට ගොස් 20වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ඉන්දියාවේ ශුබ්මන් ගිල් විසින්ද, දෙවන ස්ථානය බාබර් අසාම් විසින්ද හිමිකරගෙන සිටියි.
තෙවන ස්ථානය හිමිව ඇත්තේ ද ඉන්දියාවේ රෝහිත් ශර්මාටය.