සයුරෙන් එතෙර
බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහි වීමක් නොවන බව චීනය කියයි
July 8, 2025 10:57 am
බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහි වීමක් නොමැති අතර, විවෘතභාවය, සහභාගීත්වය, සහයෝගිතාවයෙන් පොදු-ජයග්‍රාහී දිශාව වෙත අවධානය යොමු කිරීම පමණක් සිදුකරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර තිබුණි.
බ්‍රික්ස් රටවල් අමෙරිකානු විරෝධී ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවන බවට පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළ අතර, ඒ සමඟම, බ්‍රික්ස් රටවලට එරෙහිව 10%ක නව තීරුබදු පනවන බවට ද ඔහු තර්ජනය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අවධාරණය කර සිටියේ, බ්‍රික්ස් යාන්ත්‍රණය, නැගී එන නව්‍ය වෙළෙඳපොළ සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සහයෝගිතා පැවැත්වීමට වැදගත් වේදිකාවක් වනවා මිස එහි කිසිදු රටකට එරෙහි වීමක් නොමැති බවය.
වෙළෙඳ ආරවුල් හා තීරුබදු ගැටුම් අතරින් ජයග්‍රාහකයකු ඇති නොවන අතර, ආරක්ෂණවාදය ද සාර්ථක නොවන බව ඇය මෙහිදී පෙන්වා දී ඇත.