පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

July 8, 2025   09:31 am

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

අද (08) හෙට (09) සහ ලබන 11 වන දින මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

අද දිනයේ දී ආනයන හා අපනයන පාලන පනත යටතේ වන නියෝගයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

හෙට දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.