සයුරෙන් එතෙර
ටෙක්සාස් ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
July 7, 2025 06:51 pm
මධ්‍යම ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් පසුව තවමත් අතුරුදන්ව සිටින පිරිස් සොයා සිව්වන දිනටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාහී සඳහන්ව ඇත්තේ මේ වන විට මෙම ගංවතුර තත්ත්වයෙන් එරට පුද්ගලයින් 80කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට තහවුරු වූ බවය.
කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික්හි මියගිය අය අතර අවම වශයෙන් ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු සිටින බව මේ වන විට තහවුරු වී තිබේ.
මියගිය අය අතර එම කඳවුරේ දිගුකාලීන අධ්‍යක්ෂවරයෙකු වූ රිචඩ් "ඩික්" ඊස්ට්ලන්ඩ් ද සිටින බව වාර්තා වී තිබේ.
මේ අතර ඉදිරි පැය 24-48 තුළ කලාපයේ තවත් කුණාටු අපේක්ෂා කරන අතර අද (07) දිනය පුරාවටම කර් ප්‍රාන්තය සහ ටෙක්සාස් අවට ප්‍රදේශ ආවරණය වන පරිදි ගංවතුර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
ඇතැම් ස්ථානවලට අඟල් 2 සිට 4 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර තවදුරටත් වැසි සහ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇතැයිද අපේක්ෂා කර තිබේ.