සයුරෙන් එතෙර
සුරතලයට ඇති කළ සිංහයා තිදෙනෙක්ට පහර දීලා - හිමිකරු අත්අඩංගුවට
July 7, 2025 04:53 pm
නිවසක සුරතලයටන් ඇති කරන සිංහයෙකු විසින් කාන්තාවකට සහ ඇගේ දරුවන් දෙදෙනාට පහරදීමේ පුවතක් පකිස්තානයෙන් වාර්තා වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සිංහයාගේ හිමිකරුවා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිංහයා නිවසෙහි තාප්පය මතින් පැන කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙක් පසුපස හඹාගෙන ගොස් පහර දෙන ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පහරදීම හේතුවෙන් කාන්තාව සහ දරුවන්ගේ අත් සහ මුහුණුවල තුවාල සිදුව ඇති බවය.
බලපත්‍රයක් නොමැතිව වන සතෙකු තබා ගැනීම සහ නොසැලකිලිමත්කම නිසා ඔහු පලා යාම සම්බන්ධයෙන් පොලිසිය සිංහයාගේ හිමිකරුවන්ට චෝදනා එල්ල කර ඇත.
කෙසේවෙතත් මේ වන විට සිංහයා අල්ලාගෙන වනජීවී උද්‍යානයකට භාර දී තිබේ.
සුරතල් සතුන් ලෙස මෙවැනි සතුන් ඇති කිරීම පකිස්තානයේ සංකේතයක් වන අතර, එහිදී සිංහයන්, චීටාවන්, කොටියන්, පූමා සහ ජගුවර් වැනි සත්ත්වයින්ට විශේෂ තැනක් හිමිව තිබේ.