මැතිවරණ කොමිසමේ ඊ-සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

මැතිවරණ කොමිසමේ ඊ-සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

July 7, 2025   12:05 pm

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ  ඊ-සේවාවන් අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.