සයුරෙන් එතෙර
ඉන්දීය විදේශ ඇමති සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
July 2, 2025 04:10 pm
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, ඔහුගේ අමෙරිකානු සංචාරයට සමගාමීවය.
අමෙරිකාවේ වොෂින්ටනයේ පැවැත්වෙන Quad එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු කෙරෙයි.
එහිදී ඔහු අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ හමුවී ආරක්‍ෂාව, තාක්‍ෂණය, බලශක්තිය යන ක්ෂේත්‍රවල දෙරට අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එමෙන්ම කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද එහිදී පුළුල් ලෙස අවධානය යොමුකර ඇත.
Quad සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයාවද හමුවී තිබේ.