රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
June 25, 2025 06:59 am
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි 05ක අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ලද පැමිණිලිවලට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබූ බවය.
ඒ අනුව සැකකරු මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ කිරුලපන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සිදුකළ විමර්ශන වලිදී අනාවරණය වී ඇත්තේ සැකකරු පුද්ගලයින් 150කගෙන් පමණ මෙලෙස මුදල් වංචා කර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.