සබරගමු සමන් දේවාලයේ නිලවරණයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී
June 20, 2025 11:38 am
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාදීකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කරගෙන තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සඳහන් කර සිටියේ, මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින් මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.