සයුරෙන් එතෙර
Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
June 19, 2025 07:36 am
ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවය.
ඒ අනුව ජුලි මස මැද භාගය වන තෙක් ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙයි.
ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක් දැරීමට සිදුනොවන ආකාරයෙන් විකල්ප හඳුන්වාදීමට ද එයාර් ඉන්දියන් සමාගම පියවර ගෙන තිබේ.
පසුගිය 12 වනදා ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුළ කඩා වැටීමෙන් එම යානයේ මගීන් ඇතුළු 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.