පොසොන් සමයේ වැරදි කළ වෙළෙඳුන් 105ට නඩු
June 17, 2025 04:27 pm
ගෙවුනු පොසොන් සමයේ විවිධ වැරදි කළ වෙළෙඳුන් 105 දෙනෙකුට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
පොසොන් උත්සවය සැමරුම් සමයේදී අනුරාධපුර සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ දැනුවත්කිරීම් සහ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබුණි.
එමෙන්ම ඒ සඳහා විශේෂ කණ්ඩායම්ද යොදවා තිබුණි.
ඒ අනුව, කල් ඉකුත්වූ ආහාර ඇතුළු භාණ්ඩ අලවිකිරීම, භාණ්ඩයේ සදහන් කර ඇති මිලට වඩා අධික මිලට භාණ්ඩ අලෙවිකිරීම, තොරතුරු නොමැති පූජා භාණ්ඩ අලෙවිකිරීම, ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුල නොවන විදුලි උපකරණ අලෙවිකිරීම , කල් ඉකුත් වූ සහ නව භාණ්ඩ එකට ගබඩා කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම යන වැරදි මෙහිදී වැඩි වශයෙන් අනාවරණය වී ඇත.
මෙම වැටලීම් අනුරාධපුර නගරය, පූජා නගරය , මිහින්තලය, තිසාවැව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සිදු කරන ලද අතර වැටලීම්වලට සමගාමීව වෙළඳුන් දැනුවත්කිරීම සඳහාද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.