ගවයෙකුගේ ගෙල බැඳි ලණුවක පැටළුණු දරුවෙක් මරුට

ගවයෙකුගේ ගෙල බැඳි ලණුවක පැටළුණු දරුවෙක් මරුට

June 15, 2025   05:05 pm

ගවයකුගේ ගෙල බැඳි ලණුවක පැටලී අවුරුදු 9ක් පමණ වයසැති දරුවෙකු ඊයේ (14) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර, විහාරපාළුගම විද්‍යාරාජ විද්‍යාලයේ 4වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකු පෙරේදා (13) සවස මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපා ඇත.

ඔහු තවත් යහළුවන් කිහිපදෙනෙකු සමග අසල්වැසි නිවසේ ඇතිකරන ගවයකු සමග සෙල්ලම් කරමින් සිට ඇති අතර, ඒ අතරවාරයේ කුලප්පු වී ඇති ගවයා ගම්මානයට පිවිසෙන මාර්ගයේ දිවගොස් ඇත.

එහිදී මෙම දරුවාද අවාසනාවන්ත ලෙස එම ගවයාගේ ගෙළ බැඳි ලණුවේ පැටලී, මීටර් 900කට ආසන්න දුර‍ක් ඇදීගොස් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

කෙසේ නමුත් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.