ෆේස්බුක් සාදයක් වටලයි

ෆේස්බුක් සාදයක් වටලයි

June 14, 2025   10:43 pm

ෆේස්බුක් සාදයක් වටලා එහි සිටි 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (14) අලුයම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මෙම ෆේස්බුක් සාදය සංවිධානය කර තිබුණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානකර තිබූ මෙම මත්ද්‍රව්‍ය සාදය අළුබෝමුල්ල පොලීසිය විසින් වටලා ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 28 අතර වයස්වල පසුවන බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම පිරිස අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 10 දෙනෙකු ද අයත් බව පොලීසිය පැවසීය.

අළුබෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.