අයහපත් කාලගුණයෙන් දකුණු අප්‍රිකාවට දැඩි බලපෑම්
June 11, 2025 06:43 pm
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතට බලපෑ ඇති අධික වැසි, ගංවතුර සහ හිම සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් රැසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙහිදී ගංවතුරකට හසුවීමෙන් පාසල් දරුවන් රැගත් කුඩා බස් රථයක් ගසාගෙන ගොස් ඇති අතර, එහි තිබී මළසිරුරු 8ක් දැනට සොයාගෙන ඇත.
එහි දරුවන් කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න පැහැදිලිව සොයාගෙන නොමැති අතර, තිදෙනෙකු ජීවතුන් අතර සිටින බව වාර්තා වේ.
මේ අතර ටැම්බෝ දිස්ත්‍රික්කයෙන් ගංවතුරට හසු වූ හත් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.
එමෙන්ම දැඩි හිම, වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස 500,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය නොමැති බව වාර්තා වේ.
KwaZulu-Natal පළාත දැඩි හිම සහිත තත්ත්වයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ප්‍රදේශයයි.
අධික හිම පතනය හේතුවෙන් ලොරි රථ මාර්ගවල සිරවී ඇති අතර, ඒ හේතුවෙන් විශාල මාර්ග තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
හිම අඩි 2කට වඩා ඉහළට පැමිණීම වැළැක්වීමට එම මාර්ගවල හිම ඉවත්කිරීමේ යන්ත්‍ර ස්ථානගත කර ඇත.
ජුනි සිට අගෝස්තු දක්වා කාලය දකුණු අප්‍රිකාවේ ශීත කාලය වන අතර, මෙම කාලසීමාවේ දිනපතා හිම පතනයක් දක්නට ලැබේ.