ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

June 11, 2025   07:43 am

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රචන්ඩකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් එම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කර ඇති බවය.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.

මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ලෝස් ඇන්ජලීස් නුවරට ආරක්ෂක භටයින් 2,000 ක් යෙදවිමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළේය.