දෙරණ 60 Plus සීසන් 06 ශූරතාව මෝදර පියල් කුමාරට

දෙරණ 60 Plus සීසන් 06 ශූරතාව මෝදර පියල් කුමාරට

June 2, 2025   06:51 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රියලිටි උත්තමාචාරය දෙරණ 60 Plus සීසන් 06 අවසන් මහා තරගය ඊයේ (01) රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

ගායන හැකියාවෙන් පිරිපුන් මෙරට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පැවැත්වෙන සම්පත් සංහිද Derana 60 Plus වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා වෙනුවෙන් නිර්මාණය වු  මෙරට මාධ්‍ය ආයතනයක් සංවිධානය කළ පළමු රියැලිටි අද්දැකීම වේ.

සම්පත් සංහිද Derana 60 Plus ජනප්‍රියම තරුව ප්‍රේක්ෂක එස්.එම්.එස් මනාපයෙන් තෝරා ගැනුණ අතර දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගැනීම සිදුකෙරුණි.

විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද සුබානි හර්ෂණී සහ විශාරද ජානක වික්‍රමසිංහ යන මහත්මමහත්මීන් අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේය.

ඒ අනුව සම්පත් සංහිද දෙරණ 60 Plus සීසන් 06 අවසන් මහා තරගයේ ජනප්‍රියම ගායන තරුව ලෙස කුලරත්න සිල්වා මහතා තේරී පත්වුණි.

සම්පත් සංහිද දෙරණ 60 Plus සීසන් 06 ශූරතාව හිමිකර ගැනීමට මෝදර ප්‍රදේශයෙන් තරග වැදුණු පියල් කුමාර මහතා සමත් වුණි.

තරගයේ දෙවන ස්ථානය සුමිත් ප්‍රේමසිරි මහතා විසින් ජයග්‍රහණය කළ අතර Derana 60 Plus Season 06 අවසන් මහා තරගයේ තෙවන ස්ථානය හිමිකර ගත්තේ කුලරත්න සිල්වා මහතා විසින් ය.