ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
May 31, 2025 08:12 pm
ඇද හැළෙන අධික වැසි හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බවය.
මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.