අමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා ට්‍රම්ප්ගෙන් සියයට 50 තීරු බද්දක්
May 31, 2025 02:12 pm
වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා එක්සත් ජනපදය විසින් අය කරන තීරුබදු ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා වන අමෙරිකාවේ වත්මන් තීරුබදු අනුපාතය වන 25 සිට 50% දක්වා ඉහළ නැංවෙනු ඇති බවත් එය එළැඹෙන බදාදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.
පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි පැවැති රැලියකදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම පියවර මගින් චීනය මත යැපීම අඩු කරන අතරම දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවය.
අමෙරිකානු වානේ සහ ජපානයේ නිපෝන් වානේ අතර හවුල්කාරිත්වයක් හරහා ඩොලර් මිලියන 14ක ආයෝජනයක් සිදුකරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති නමුත් පසුව ඔහු පවසා ඇත්තේ අවසන් ගනුදෙනුව අනුමත කිරීමට තමා තවමත් කටයුතු කර නොමැති බවය.
අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකාවේ වානේ සමාගම් හී පැවැත්ම සහතික කිරීමේ මාර්ගයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම 50%ක තීරුබදු වැඩි කිරීමට පියවර ගෙන ඇති බවය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෑත වසරවලදී එක්සත් ජනපද වානේ නිෂ්පාදනය පහත වැටෙමින් පැවැති බවත් චීනය, ඉන්දියාව සහ ජපානය ලොව ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයින් ලෙස ඉදිරියට පැමිණ ඇති බවත්ය.