මස්සිනාගේ පොලු පහරින් මස්සිනා මරුට
May 31, 2025 01:53 pm
වැල්ලවාය, ඌව කුඩාඔයට අයත් ඇතිලිවැව ප්‍රදේශයේදී මුගුරකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා සිය මවට පොරවකින් පහරදීමට උත්සාහ කර මවගේ බෙල්ලට පොරව තබා ඇති බව සඳහන්.
එය දුටු එම මවගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා (මියගිය පුද්ගලයාගේ මස්සිනා) මුගුරක් රැගෙන ඔහුට පහරදී ඇත.
එම පහරදීමෙන් එම පුද්ගලයා නිවස තුළදීම ජීවිතක්ෂයට පත් ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා නිරන්තරයෙන් මෙම නිවසේ ජීවත් වූ අය සමග අඩදබර ඇති කරගෙන ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලායාගේ මස්සිනා වන 45 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.