10 හැවිරිදි පුතාව දිය රකුසා රැගෙන යයි
May 31, 2025 06:36 am
දියේ ගිලී 10 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු මෙලෙස ඊයේ (30) සවස් කාලයේදී වැවක දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.
මොරගොඩ පොලීසිය සඳහන් කළේ මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවය.
මියගිය දරුවා 10 හැවිරිදි මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.