මත්ද්‍රව්‍ය සිද්ධියේ සැකකරුවකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
May 30, 2025 04:30 pm
පසුගියදා දකුණු මුහුදු තීරයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 774 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධියේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන බෝට්ටුවේ හිමිකරු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සමන් කුමාර නමැති සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළාය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු පොලිසිය භාරයේ රඳවා ගැන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරියේ අදාළ සැකකරු ලබන 03 වනදා දක්වා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 11 දෙනෙකු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබුණි.