අතරමංවී සිටි ධීවරයින් තිදෙනෙක් බේරාගැනේ

අතරමංවී සිටි ධීවරයින් තිදෙනෙක් බේරාගැනේ

May 30, 2025   02:08 pm

UPDATE: බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී අතරමංවී සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන තිබේ.

මෙම ධීවරයින් බේරාගැනීම සඳහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානය යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබුණි.

-----------------------------------

මුහුදේ අතරමංවී සිටින ධීවරයින් මුදාගැනීමට හෙලිකොප්ටරයක් යොදවයි

බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අතරමංවී සිටින ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලය බේරාගැනීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා තිබේ.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක්කර ඇත.