චෝදනා එල්ලවූ පාස්පෝට් කාර්යාලයේ සහකාර පාලකවරයා රිමාන්ඩ්
May 27, 2025 03:34 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.