කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් සෑදු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් සෑදු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට

May 27, 2025   11:18 am

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ බුද්ධික මනතුංග මහතා අද දෙරණ Big Focus වැඩසටහන සමග අද (27) එක්වෙමින් පැවසුවේ අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්දව සිදුකල විමර්ශනයේදී මේ සම්බන්ධව අනාවරණය වූ බවය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද එහි ප්‍රධාන සැකකරු ලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට චෝදනා එල්ලවී තිබේ.