නීතිවිරෝධීව දේශසීමා පනින්න ගිය ලාංකිකයන් තිදෙනෙකු ඇල්බේනියාවේදී අත්අඩංගුවට
May 27, 2025 10:37 am
ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත් ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් කාෆේ තානේ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවත්ය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකිකයින් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.