උතුරු ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් රැගෙන යන ශ්‍රී ලංකාව
May 21, 2025 10:11 pm
ශ්‍රී ලංකා A කණ්ඩායම සිවුදින හා එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එළැඹෙන ජූලි මස ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරවීමට නියමිතව ඇත.
මෙම තරගාවලියේ සියලු තරග උතුරු ඔස්ට්‍රේලියාවේ අගනුවර ලෙසින් සැලකෙන ඩාවින්හි Marrara ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Marrara ක්‍රීඩාංගණයේ ද්විපාර්ශ්වීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 19කට පසුව වීම විශේෂත්වයක්.
දෙරට අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, එම තරග ජූලි 4, 6 හා 9 දිනවල පැවැත්වේ. ඉන් අනතුරුව තරග 2කින් යුත් සිවුදින තරගාවලිය පැවැත්වේ.
මේ අතර තරගාවලියෙන් අනතුරුව එළැඹෙන අගෝස්තු මාසයේදී මෙම ක්‍රීඩාංගණයේදීම ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 2කින් යුත් විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.
එයද මෙම ක්‍රීඩාංගණයේ වසර 17කට පසු පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වනු ඇත.
අවසන් වරට බංග්ලාදේශ කණ්ඩායම 2008 වසරේ ඔස්ට්‍රේලියාවේ සිදුකළ තරග සංචාරයෙන් පසු Marrara ක්‍රීඩාංගණයේ මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වා නොමැත.