රිළවුන්ට ඇද තිබූ විදුලි කම්බියේ ගැටුණු 11 හැවිරිදි දැරිය ජීවිතය හැර යයි

රිළවුන්ට ඇද තිබූ විදුලි කම්බියේ ගැටුණු 11 හැවිරිදි දැරිය ජීවිතය හැර යයි

May 21, 2025   08:01 am

වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් තිබේ.

ඊයේ (20) සවස් කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. 

මියගිය දැරිය කෝවිල්කන්ද, වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි අයෙකි.

මරණකාරිය ඊයේ එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමඟක් ආධාරයෙන් නැඟ ඇති අතර එම ස්ලැබ් එක මතට රිළවුන් පැමිණෙන නිසා වෙන් විදුලි කම්බි ඇද තීබී ඇත.

එහිදී දැරියට විදුලි සැර වැදි  දැරිය මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.  

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙලම්බොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.