ඉන්දු - ඉරාන ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

ඉන්දු - ඉරාන ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

May 20, 2025   06:06 pm

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

එහිදී කලාපය තුළ මතුවී ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

තවද  Chabahar වරාය INSTC ප්‍රවාහන කොරිඩෝව සංවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇත.

එමෙන්ම ඉන්දියාවට ලබාදෙන ඉරානයේ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ද ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ස්තූතිය පළකර තිබේ.

උපායමාර්ගික ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, ද්විපාර්ශ්වික සහයෝගීතාවය කලාපීය සාමය සහ ස්ථාවරත්වයේ පුළුල් අවශ්‍යතා සඳහා සේවය කරන බවද අවධාරණය කර ඇත.