ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
May 16, 2025 09:03 pm
පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් සම්බන්ධව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත් පැපොල රෝගය වැළඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බවත්ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත් එවැනි අවශ්‍යතාවක්ද මතු නොවනු ඇති බවය.
ඒ අනුව මෙතෙක් රජයේ රෝහල්වල නොතිබුණු ඖෂධයක් යොදා ගනිමින් එහි ක්ෂණික හිඟයක් ඇති වූ බව පෙන්වමින් රටේ ඖෂධ හිඟයක් පවතින බව පෙන්වීම අරමුණු කරගනිමින් මෙම මාධ්‍ය වාර්තා හිතා මතා නිර්මාණය කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කර ඇත.
එමෙන්ම මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ ඖෂධ තොග මේ වනවිටත් රට තුළ පවතින බවද සඳහන් කර තිබේ.