රටවල් කිහිපයක් සඳහා පත්වූ නව දූත මණ්ඩල ප්‍රධානීන් ජනපති හමුවෙයි
May 15, 2025 05:55 pm
රටවල් කිහිපයක් සඳහා පත් කළ නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසී තිබේ.
අමෙරිකානු නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස පත්වූ හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මහේෂිනී කොලොන්නේ, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් නිමල් සේනාධීර යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක්විය.
කියුබාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද රත්නායක මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්වු මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද ජනාධිපතිවරයා සමග පැවති හමුවට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ රට තුළ සිදුවී ඇති දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවුඩය ජාත්‍යන්තරයට ගෙනයාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බවය.